hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 08, පෙ.ව. 10:58



අද (08) සිට රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සිංහල හා හින්දු අලු‍ත් අවුරුදු උත්සවය හේතුවෙන් අප්‍රේල් වැටුප මේ මස 10 වනදාට පෙර ගෙවා නිම කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව, රජය විසින් ඉහළ දැමුණු රුපියල් 10,000 දීමනාවද සමගින් වැටුප් ගෙවීම සිදු කරන බව කෑගල්ලේදී ඊයේ (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර එළඹෙන 15 වනදා රජයේ නිවාඩු දිනයක් කරන්නේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: