hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 10, පෙ.ව. 12:05



ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් 2,500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ “සැමට ඉංග්‍රීසි” වැඩසටහන යටතේ ය.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441ක් වෙනවා.

නමුත් ඒ සඳහා ගුරුවරුන් 6,500ක පමණ අවශ්‍යතාවයක් පවතින බව සඳහන් වෙනවා.

බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් පුළුල් කර ඇත.

එමෙන්ම, පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයීමකදී ඒ බව හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත්, ඒ අනුව දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම් සිදු කරනු ලබන පාසල් 765ක ප්‍රමාණය 2024 වර්ෂය තුළදී පාසල් 1,000ක් දක්වා වැඩි කරමින් ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරු සංඛ්‍යාව 6,500 ක් දක්වා වැඩි කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: