hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 17, පෙ.ව. 10:45



රාජ්‍ය නිලධරයන්ගේ ජේ‍යෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නිවාඩු ලබාගන්නා නිලධරයන්ට නිවාඩු අනුමත කරන බලධරයා සමඟ ගිවිසුමකට එළැඹීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

මෙම ගිවිසුම් සමඟ එළැඹෙන කොන්දේසි සහ බැඳීම්උ ල්ලංඝනය කිරීම වරදක් වන බව අවධාරණය කරන රාජ්‍ය පරිපාලන ලේකම්වරයා, එබඳු අවස්ථාවක බලධරයන් ගනු ලබන ඕනෑම විනය හා නෛතික ක්‍රියාමාර්ගයකට නිවාඩු ලබාගන්නා නිලධාරීන්ට යටත් වීමට සිදුවන බව සඳහන් කරනවා.

එකී නිවාඩු කාලය උපරිම වසර 01 සිට වසර 05 දක්වා පමණක් ලබාදෙන බවත්, චක්‍රලේඛ මඟින් දැනුම් දී ඇති විධිවිධාන සම්පූර්ණ කිරීමට අපොහොසත් වන නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපට ඇති හිමිකම අහිමිවන බවත් හෙතෙම පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: