hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 අප්‍රේල් 26, ප.ව. 1:21



පළාත් පාලන ආයතනවල සිටින සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙනවා.

මේ බව පැවසුවේ, පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතායි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව, රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, පළාත් පාලන ආයතනවල සිටින 8400ක පමණ වූ සේවකයින් ප්‍රමාණය සඳහා කඩිනමින් ස්ථිර පත්වීම් ලබාදීමට එහිදී අවධානය යොමුවූ බවයි.

මෙම විශේෂ සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් ඊයේ පැවතුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: