hit counter

2025 ජනවාරි මස 14 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 26, පෙ.ව. 10:28



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ආපදා කළමණාකරණයේදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, බිම් මට්ටමට විසදුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කිරීමට පියවර ගත යුතු බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩභාර ගැනීමේ අවස්ථාවට කොළඹදී ඊයේ (25) එක්වෙමින් ය.

එහිදී පළාත් පාලන ආයතන ශක්තිමත් කර අවදානම් ප්‍රදේශවල සිදුවන ආපදා වළක්වාලීම සදහා නව විසදුම් ලබාදීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා නිළධාරීන්ට පෙන්වා දුන්නේ ය.

එමෙන්ම, ආපදා කළමණාකරණ නීති පද්ධතිය සකස් කර තිබෙන්නේ කිසියම් අධ්‍යයනයකින් පසුව බවත්, එම නීති නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිළධාරීන්ගේ වගකීමක් බව ද ජනාධිපතිවරයා සදහන් කළේ ය.

නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන් වෙනුවෙන් පෙනි සිටින බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍යාංශ 02 ක් සදහා නව ලේකම්වරු පත් කර තිබෙනවා.

ඒ අනුව, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ලේකම් ලෙස මලර්මතී ගංගාධරන් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: