hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 6:34



පාසල් පද්ධතිය සඳහා බලපා ඇති විදුහල්පති හිඟය මඟහැරවා ගැනීමට නොවැම්බර් මාසයේ දී විදුහල්පති පත්වීම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ විදුහල්පති පත් වීම් 4,718ක් ය.

ඒ අනුව අධ්‍යාපන පරිවාර්තනීය වෙනස තුල සිදු වන ව්‍යුහාත්මක වෙනස සඳහා සියලු දෙනාම අනුගත විය යුතු බව ඔහු කියා සිටියා.

ගුරු සේවයේ පුරප්පාඩු 705ක් ද අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405ක් ද අදියරෙන් අදියර සම්පුර්ණ කිරීමට නියමිත බවට වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් මධ්‍ය විද්‍යාලයේ පැවති කෘෂිකර්ම ප්‍රදර්ශනයකට එක්වෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: