hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 04, පෙ.ව. 10:50



රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා පත් කළ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද (04) දින සිදු කරන බව සඳහන්.

මෙම කොමිෂන් සභාව 2026 ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ජනාධිපති විධානයකට අනුව පිහිටුවා ඇත.

එසේම රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය සිදුවිය යුතු ද යන්න සඳහා නිර්දේශ ලබාදීම ආදිය පිළිබඳ වගකීම මෙම කොමිසම වෙත පවරා ඇති බව සඳහන්.

අඳාළ අරමුණු සාක්ෂාත් කර ගැනීමට වෘත්තීය සමිති, සංවිධාන සහ මහජනතාව වෙතින් අදහස් සහ යෝජනා කැඳවීමද අද දිනයේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත බව පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: