hit counter

2026 අගෝස්‍තු මස 12 වන බදාදා

2026 අගෝස්‍තු 12, ප.ව. 12:00



2027 අයවැය හරහා රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ. කැබිනට් තීරණ නිවේදනය කරමින් සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඉහත ප්‍රකාශය කළේය.

තවදුරටත්,

2025 සහ 2026 දී රජයේ සේවකයින්ට මූලික වැටුප් වැඩිවීමක් ලබා දී ඇත. 2027 දී වැටුප් වැඩිවීමක් ද සිදු කෙරේ. ආර්ථික ප්‍රකෘතිමත් වීම මධ්‍යයේ රජයේ ආදායම සාපේක්ෂව වැඩි වෙමින් පවතී.

මෙයින් සැලකිය යුතු කොටසක් රජයේ නිලධාරීන්ගේ වැටුප් හා දීමනා සඳහා වෙන් කෙරේ. රජය රජයේ සේවකයින්ගේ මූලික වැටුප් ඉහළ මට්ටමකට වැඩි කර ඇත. 2025 අප්‍රේල් මාසයේදී වැටුප් වැඩි කරන ලදී. පසුව 2026 දී වැටුප් වැඩි කරන ලද අතර 2027 දී වැඩි කරනු ලැබේ.

ඉතා හොඳ ආර්ථික තත්වයකින් අපි රට භාර ගත්තේ නැත. ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් දියුණු වෙමින් පවතී. ඒ අනුව රජයේ සේවකයින්ගේ මූලික වැටුප් හා දීමනා වැඩිවීම් ලබා දෙනු ලැබේ. දීමනා සහ වැටුප් සම්බන්ධයෙන් යමෙකුට ගැටළු ඇත්නම්, ඒ සඳහා පිහිටුවා ඇති කොමිසමට පැමිණිල්ලක් ගොනු කළ හැකි බව ඔහු සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: