2024 ඔක්තෝබර් 21, පෙ.ව. 12:06
තමන් ජනතාවට පොරොන්දු වූ දේශපාලන පරිවර්තනය මේ වන විටත් ක්‍රමානුකූලව සිදු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
“අපි ලබපු ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් කියන එක අද වෙනකොට ඔබ සියලු දෙනාම දන්නවා. ඒ අපි වෙනස් කළේ ජනාධිපතිවරයෙක් විතරක් නෙවෙයි. අපි දේශපාලන සංස්කෘතියක් වෙනස් කළා. මේ රටට අවශ්‍ය ආර්ථික, දේශපාලන, සමාජ පරිවර්තනය වෙනුවෙන් අපට අවශ්‍ය නායකත්වය ලබාගන්න ඔබ සියලු දෙනා මැදිහත් වුණා.
අවුරුදු 76ක් තිස්සේ මේකෙ බලයේ ඉඳපු අය කවදාවත් හිතපු නැති විදිහේ ජයග්‍රහණයක් අපි ලබා ගත්තා. අපට තියෙන්නෙ දැන් හොඳම කණ්ඩායම තෝරන්න. හොඳම කණ්ඩායම තෝරලා අර අපි ඔබත් සමග සාකච්ඡා කරපු මාස ගාණක් තිස්සේ ඔබත් එකතුවෙලා ගොඩනගපු ඒ රට හදන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදන්න අවස්ථාව දැන් අපට ඇවිල්ලා තියෙනවා. ඒක අවශ්‍යයයි. ඒකත් ඔබ කරනවා කියන එක අපට විශ්වාසයි.
අපි මේ කාලය තුළත් ඔබට පොරොන්දු වුණ පරිදි ඒ දේශපාලන පරිවර්තනය අපි ක්‍රමානුකූලව සිද්ධ කරමින් යන්නෙ. ඒක ඔබට පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා හිතන්න, තුන්දෙනෙක් ඉඳගෙන අපිට මෙහෙම වෙනසක් කරන්න පුළුවන් නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් එක්ක මොනවද අපිට කරන්න බැරි ? මේ රට අපිට හදන්න පුළුවන්.”
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:04
27-12-24
27-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24