2024 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:09
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සඳහන්ව තිබූ ආචාර්ය නාමය ඉවත් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින්.
පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම පැහැදිලි කිරීම සිදුකර ඇති බව සඳහන්.
අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව තිබුණේ නැහැ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමක් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව ද ඔවුන් කළ කර සිටියා.
එමෙන්ම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියලුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කොට යාවත්කාලීන කිරීමේ කටයුතු මෙි වන විට සිදු කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:14
02-09-26
02-09-26
01-09-26
01-09-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
24-08-26
24-08-26
20-08-26
20-08-26
18-08-26
18-08-26
11-08-26
11-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26
07-08-26
07-08-26