hit counter

2025 පෙබරවාරි මස 17 වන සඳුදා

2024 දෙසැම්‍බර් 16, ප.ව. 3:02



අධිකරණ සහ ජාතික ඒකාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (16) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ.

ඒ්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සදහන් කිරීමෙන් තමන්ට සිදුව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටය.

යම් අයෙක් තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳදැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කළා දැයි සැක සහිත බව අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ “ආචාර්ය හර්ෂණ නානායක්කාර” යනුවෙන් පළ කර තිබී පසුව අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලක් මත එය නිවැරදි කිරීමත් සමග පසුගිය දා මහත් ආන්දෝලනයක් හට ගත්තේය.

පසුව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් නම් උඩුගත කිරීමේ දී සිදුවු වැරදීමක් ලෙස දක්වමින් තමාට ලිපියක් එවා ඇතැයි ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මම අවුරුදු 25ක නීතිඥ කේෂ්ත්‍රයේ යෙදී සිටින නීතිඥවරයෙක්. මම කවදාවත් මගේ නම ඉදිරියෙන් ආචාර්ය කියලා සඳහන් කරලා නෑ. විසිටින් කාඩ් එකක්වත් ගහලා නෑ. මම පුරවපු ජීවදත්ත තොරතුරු පත්‍රිකාවෙත් මම පැහැදිලිව එය නිවැරදි කරලා තිබුණා. ආචාර්ය පදවියක් තිබුණේ නෑ. කොහෙන්ද මේක එන්නේ. සියල්ල සමස්තයක් ලෙස අරන් බලද්දි ඕනෑම කෙනෙකුට සැකයක් මතුවෙනවා මාව අපකීර්තියට පත්කරන්න එහෙම නැත්නම් මගේ දේශපාලනය ගැන තියෙන විශ්වාසය බිඳදැමීමට ව්‍යාජ දත්ත ඇතුළත් කරාදැයි සාධාරණ සැකයක් ඕන කෙනෙක් මතුවෙනවා.”  

මේ සම්බන්ධයෙන් පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තු මහ කාර්යාලයේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක්  නිකුත් කර තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: