hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2025 මැයි 10, පෙ.ව. 11:09



ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි  විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: