hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 28, ප.ව. 10:53



තරුණයෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිර කර තැබීමේ චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 03ක සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත අද (28) රැගෙන ගියා.

ඒ අනුව චෝදනා 18කට වරදකාරිය වු හිරුණිකාට එම එක් එක් චෝදනාවට රුපියල් 20,000 බැගින් දඩ නියම කිරීමට නියෝග කළ අතර එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවට මාස 6 බැගින් සිර දඬුවම් නියම කරන ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිදු කර ඇති වරදවල ස්වභාවය අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර 69ක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් තිබෙන බවද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් හිරුණිකාගේ නීතිඥයන් විසින් මේ වන විට අදාළ මහාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ අභියාචනයක් ගොනු කර ඇති අතර ඒ මත ඇයට ඇප ලැබෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරයි.

මෙම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සෙසු සැකකරුවන් අට දෙනකු අධිකරණය හමුවේ වරද මීට පෙර පිළිගෙන තිබෙන අතර අද දිනයේ ලබාදුන් මෙම තීන්දුවත් සමග හිරුණිකාගේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමිවීමේ ඉතා ඉහළ ඉඩකඩක් පවතියි.

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: