hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 30, පෙ.ව. 12:02



බරපතළ වැඩ සහිතව බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ඇති බවට ‌තොරතුරු වාර්තා වනවා.

ඒ, වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහායි.

සිරදඬුවම් නියම වන අයගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදු කරන බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ R වාට්ටුවේ රඳවා සිටින බව සඳහන්.

ඇය සමඟ තවත් රැඳවියන් කිහිප දෙනෙකු සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ව ඊයේ දිනයේ දී බන්ධනාගාරයට රැගෙන ආ අවස්ථාවේ දී ඇයට රැඳවියන්ගේ ඇඳුම් ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව ඇයට සුදු පැහැති රෙද්දක් සහ හැට්ටයක් නියම වී තිබෙනවා.

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවකට වරදකරු කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින්.

එහි දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ව චෝදනා 18කට වරදකාරිය කෙරුණා.

සෑම චෝදනාවකට ම රුපියල් 20,000 බැගින් දඩ නියම කිරීමටයි කටයුතු කළේ.

එම දඩ මුදල් ගෙවීම පැහැර හැරියහොත් එක් චෝදනාවකට මාස 06 බැගින් සිර දඬුවම් නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන්.

කෙසේ වෙතත් ලබා දුන් දඬුවමට එරෙහිව ලබන සඳුදා අභියාචනයක් ඉදිරිපත් කරන බවයි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥවරුන් ප්‍රකාශ කර ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: