hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 නොවැම්‍බර් 05, පෙ.ව. 12:06



විදෙස් පුහුණුවක් සඳහා රටින් බැහැරව යාම සඳහා නිවාඩු අනුමත කර ගත් සෞඛ්‍ය නිලධාරිනියක, අදාළ පුහුණුව සඳහා නොගොසින් මෙරට රැඳී සිට ඊට අදාළ දීමනා ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් දා රැස් වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පත් කරන ලද අනු කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

ඉකුත් 2019 වසරේ සිංගප්පූරුවේ පුහුණුවක් සඳහා යාමට නිවාඩු අනුමත කරගනු ලැබූ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවය කර ලද නිලධාරිනියක විසින් ඊට අදාළ විදේශ පුහුණු දීමනා මාස අටක කාලයක් මෙරට රැඳී සිටිමින් ලබාගෙන තිබුණා.

එකී සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කමිටුව විමසන ලද අවස්ථාවේ දී, එම කමිටුව හමුවේ පෙනී සිටි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරින් සඳහන් කර තිබුණේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන අංශයේ නිර්දේශයක් ලබා ගැනීමකින් තොරව, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබා දී තිබුණු නිර්දේශයක් මත එම නිලධාරිනියට එල්ල කළ සියලු චෝදනාවලින් නිදහස් කර ඇති බවයි.

ඒ අනුව අදාළ අනු කාරක සභාව සෞඛ්‍ය නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ, උක්ත සිදුවීමට සම්බන්ධ විමර්ශන වාර්තාවක් සකස් කර කාරක සභාවට ලබා දෙන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: