hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 21, පෙ.ව. 12:02



මෙරට ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය ප්‍රකාශ කළේ, වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.

එම සංඛ්‍යාව 34,645ක්.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 47.5ක් බව ද නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය කියා සිටියා.

ඩෙංගු අධි අවදානම් කලාප කලාප 45ක් මේ වන විට නම් කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 10ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 08ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 03ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 11ක් ද, මාතලේ දිස්ත්‍රික්කයෙන් 02ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 01ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 01ක් ද , පුත්තලම දිස්ත්‍රික්කයෙන් 04ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 03ක් ලෙස ඒවා හඳුනාගෙන ඇති බව සඳහන්.

මෙම මාසයේ දී පමණක් මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4,347ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 15,464ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 14,596ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 4,585ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 7,068ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 3,371ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 3,065ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2,933ක් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,797ක් ද වාර්තා වී ඇති බවයි, නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් කළේ.

නොවැම්බර් 06 වැනිදා සි⁣ට 12 වැනිදා දක්වා වන 45 වැනි සතියේ ඩෙංගු ආසාදිතයන් 1,586ක් වාර්තා ඇති බව සඳහන්.

එය 44 වන සතියට සාපේක්ෂව සියයට 3.5ක වැඩිවීමක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: