hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 23, ප.ව. 12:40



මේ දිනවල ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ , පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අත්පා මුඛ රෝගය, ඩෙංගු උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු රෝග කිහිපයක් දරුවන් අතර ව්‍යාප්ත වෙමින් පවතියි.

මේ හේතුවෙන් දෙමව්පියන්දරුවන් ගැන වැඩි අවධානය යොමුකළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරන්නේ.

“මේ දවස්වල ළමුන් අතර ඉහළ ස්වසන මාර්ගයේ රෝග ඒ කියන්නේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, වෛරස් උණ හා ඊට අමතරව ළමා හතිය, පාචනය සහ ඩෙංගු උණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට අමතරව hand foot mouth disease කියන රෝගය යනවා. ඒ නිසා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ තියන දරුවෝ පාසලට යවන්න එපා. කට වටේ රතු ලප, අතේ රතු ලප තිබුණොත් ඒ දරුවන්ට අත්පා මුඛ රෝගය වෙන්න පුළුවන්. ඒ දරුවන්වත් ගෙදර තියා ගන්න. දවස් කිහිපයකින් හොඳවෙයි. ඩෙංගු ගැනත් කල්පනාකාරී වන්න. ඩෙංගු වර්ධනය වෙලා තියෙනවා. වැස්ස නිසා පාචනය තත්ත්වයනුත් ඇතිවෙලා තියෙනවා. මේ තත්ත්වය අවම කරන්න මම හිතනවා පිරිසිදු ජලය, පිරිසිදු ආහාර දරුවන්ට ලබාදෙන්න. අත්දෙක හොඳට සබන් දාලා හෝදන්න. රෝග කිහිපයක ව්‍යාප්තියක් අපි දකිනවා. ඒවා අවම කරගන්න අපි කටයුතු කරමු.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: