hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 23, පෙ.ව. 12:04



රට තුළ අධිඅවදානම් සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 65ක් මේ වනවිට හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සදහන් කරයි.

සාමාන්‍යයෙන් රටේ සෑම රෝහලකටම ඩෙංගු රෝගීන් 1,000කට වැඩි පිරිසක් දිනකට ප්‍රතිකාර ලැබීමට පැමිණෙන බවත් මේ වසර තුළ ඩෙංගු රෝගීන් 83,432ක් වාර්තා වී ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

එම ඩෙංගු රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් කොවිඩ් වසංගතය පැවති පසුගිය 2020, 2021 වසර වලදී අවම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ බවද සදහන් කරයි.

2007 වසරේදී සියයට 1%ක් පැවති ඩෙංගු රෝගී මරණ අනුපාතය 2023 වසර වන විට සියයට දශම 6ක් හෙවත් රෝගීන් 1,000කට එක් අයකුගේ මරණය වාර්තා වීම දක්වා පහළ බැස ඇති බවද වෛද්‍යවරයා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: