hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:04



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ එළඹෙන බදාදා (18) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමටයි.

මෙම වැඩ වර්ජනයට හේතුව විධිමත් පැමිණිල්ලකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ඇති විනය පරීක්ෂණයට එරෙහිවයි.

ඒ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.

මීට අමතරව ඊයේ (11) දින සිට සියලුම රෝහල්වල දින 07ක් කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට ද තීරණය කර ඇත.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

“වෛද්‍ය පාලිත රාජපක්ෂට සාධාරණය ඉෂ්ඨ කරන්න අපි කැප වෙනවා. අසාධාරණ විනය පරීක්ෂණය ඉවත් කළ යුතුයි. මේ විනය පරීක්ෂණය ආරම්භ කරලා තියෙන්නේ විදිමත් පැමිණිල්ලකින් තොරව. වෛද්‍ය පාලිත රාජපක්ෂ කතා කළේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඔහු කිව්වේ ඖෂධ සහ උපකරණ හිඟය නිසා බදුල්ල රෝහලේ සහ ඒ ආශ්‍රිතව රෝහල්වලට ඇතිවෙලා තිබෙන බලපෑම සම්බන්ධයෙන්..” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: