hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 1:07



විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙන බවට වාර්තා වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන් මේ වන විටත් නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර ඇති අතර එම නිවාස සංකීර්ණය විශ්වවිද්‍යාලයට බාරදීම සඳහා මෙම සතියේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණයෙන් ඉදිකෙරුණු එම නිවාස සංකීර්ණයේ සිසු සිසුවියන් 800කට පමණ නේවාසික පහසුකම් සැලසෙන අතර වර්ග අඩි 450කින් සමන්විත එක් නිවසක් නිදන කාමර දෙකකින් සමන්විත වන බව සඳහන්.

වර්තමානයේදී මෙම නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වන බව ද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: