2025 පෙබරවාරි 24, ප.ව. 3:00
ගණේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටින සැකකාරියගේ තවත් ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
පසුගිය පෙබරවාරි මස 19 වන දා උදෑසන අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන වෙඩි තබා ඝාතනය කළේය.
එහිදී වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් මෙම සැකකාරිය හඳුනා ගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහාය ඉල්ලමින් මෙම ඡායාරූප නිකුත් කර තිබේ.
ජාතික හැඳුනුම්පත් අංක 995892480V දරණ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වන සැකකාරිය අවුරුදු 25ක් වූ 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම යන ලිපිනයේ පදිංචිව සිටි අයෙකි.
මෙම සැකකාරිය හඳුනා ගැනීම සඳහා ඇගේ මෑත කාලයේ ලබාගත් ඡායාරූප කිහිපයක් විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස සොයා ගෙන තිබේ.
ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.
ඉහත සැකකාරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොතේ පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.


2026 මැයි 02, පෙ.ව. 12:32
2026 මැයි 02, පෙ.ව. 12:27
2026 මැයි 02, පෙ.ව. 12:26
2026 මැයි 02, පෙ.ව. 12:24
2026 මැයි 02, පෙ.ව. 12:18
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26