2022 ජූනි 23, ප.ව. 4:19
යාපනය පේදුරුතුඩුව සක්කොට්ටෙයි මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවරයින් සිව් දෙනෙකු අද (23) දක්වාම නොපැමිණ ඇතැයි වාර්තා වෙනවා.
පසුගිය 21 වනදා මෙම ධීවරයින් යාත්‍රාවකින් මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර ඊයේ (22) දිනය වන විට නැවත වෙරලට පැමිණිය යුතු වුවද මේ දක්වා නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් මේ පිළිබඳව පේදුරුතුඩුව පොලීසියට සහ නාවික හමුදාවට දැනුම් දී තිබෙනවා.
පොලීසියට දැනුම් දී ඇති ඥාතීන් පවසා ඇත්තේ අතුරුදහන්ව ඇති ධීවරයින් සොයා යෑම සඳහා සෙසු ධීවරයින්ගේ යාත්‍රාවලට ඉන්ධන නොමැති බැවින් නාවික හමුදාවේ සහයෙන් ධීවරයින් සොයා දෙන ලෙසයි.
කෙසේවෙතත් සක්කෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචි අදාල ධීවරයින් අතුරුදහන් වීම පිළිබඳව පේදුරුතුඩුව පොලීසිය විසින් උතුරු නාවික විධානයට දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත් මුහුදු ගිය ධීවරයින්ගේ යාත්‍රාවේ කිසියම් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නැවත පැමිණීමට නොහැකි වී හෝ යාත්‍රාවේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් නැවත පැමිණීමට නොහැකි වී ඇතැයි සැක පල කරන බවටද පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
2026 අගෝස්‍තු 11, ප.ව. 4:45
2026 අගෝස්‍තු 11, ප.ව. 4:17
2026 අගෝස්‍තු 11, ප.ව. 2:56
2026 අගෝස්‍තු 11, ප.ව. 2:53
2026 අගෝස්‍තු 11, පෙ.ව. 11:21