hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2025 අප්‍රේල් 08, ප.ව. 5:48




හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මුදල් දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා.

මහ බැංකුවේ අධිපති ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමට කටයුතු කරන බවටවන කොන්දේසිය එකඟ වූ නිසා මෙම මුදල් ලබාදුන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදීයි.

එහිදී ඔහු මෙසේද පැවසුවා,

”අපිට දුන්න මුදල් ටික ඩබල්, ට්‍රිබල් කරලා ගත්තා ඒ මනුස්සයා, අරගෙන අදත් නෑ. ඇයි මාව කැඳවන්නේ නැත්තේ, ඇයි මගෙන් අහන්නේ නැත්තේ. මම මැතිවරණයට ඉස්සර වෙලා වේදිකාවේ මේවා කිව්වා. මාව හංවඩු ගැහුවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: