hit counter

2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 16, පෙ.ව. 12:02



ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන්නේ,කෘතිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බවයි.

වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී,  එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා මේ බව අනාවරණය කර තිබෙනවා.

කෙසේවෙතත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එම බලපෑම සියයට 40ක් වන බව ඇය පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවක් උපුටා දක්වමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය තවත් පිරිසකට ප්‍රතිලාභ වර්ධනය කර ගැනීමට ඉවහල් වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: