hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 09, පෙ.ව. 12:05



රැකියා වීසා නීති දැඩි කිරීමට නවසීලන්තය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ, “තිරසාර නොවන” සංක්‍රමණ වැඩිවීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්.

මේ අනුව අඩු නිපුණතා සහිත අයදුම්කරුවන්ට දැන් ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා සපුරාලිය යුතු අතර ඔවුන්ට එරට රැඳී සිටීමට අවසර ලැබෙන්නේ වසර තුනක් පමණි.

කෙසේ වෙතත් මීට පෙර එවැනි පුද්ගලයින් සඳහා වසර 5ක කාලයක් නවසීලන්තයේ රැඳී සිටීමට අවසර ලැබුනා.

එරට ආගමන අමාත්‍ය එරිකා ස්ටැන්ෆර්ඩ් පවසන්නේ,”ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා මෙම රජයේ සැලැස්මට මෙරට ආගමන ක්‍රමවේදය නිවැරදිව පවත්වාගැනීම ඉතා වැදගත්,” බවයි.

පසුගිය වසරේ නවසීලන්තයට සංක්‍රමණය වූ සංඛ්‍යාව 173,000ක් වන අතර දැඩි කර ඇති නීති යටතේ, බොහෝ රැකියා වීසා සඳහා අයදුම්කරුවන් කුසලතා සහ සේවා පළපුරුද්ද සම්බන්ධ වූ අවශ්‍යතා සපුරාලිය යුතුය.

එමෙන්ම සංක්‍රමණිකයන්ට රැකියාවක් පිරිනැමීමට පෙර ඔවුන් නිශ්චිත අවශ්‍යතා සපුරා ඇති බව සහතික කිරීම හාම්පුතුන්ගේ වගකීම බව නවසීලන්ත බලධාරීන් පවසනවා.

මේ අතර කඩිනමින් එරට පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව ලැබෙන ලෙස හඳුනාගත් වෘත්තීන් සඳහා තවත් වෘත්තීන් 11ක් එක් කිරීමට බලධාරීන් සැලසුම් කර තිබූ අතර එම සැලසුම අත්හැර දැමීමට ඔවුන් මේ වනවිට තීරණය කර ඇත.    





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: