hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 මැයි 11, ප.ව. 12:40



කළුතර ලැගුම්හලක තුන්වෙනි තට්ටුවෙන් වැටී ජීවිතය නැති වූ පාසල් දැරිය සතු ජංගම දුරකථනය සැකකරුවකු විසින් මුහුදට විසි කරනු ලැබීමෙන් පසු එම දුරකථනය සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යෙදවූ බව කළුතර (දකුණ) පොලිසිය සඳහන් කළා.

මෙම පාසල් දැරිය සමඟ පැමිණි තරුණ යුවළගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඇගේ ජංගම දුරකථනය මෙසේ මුහුදට විසි කර ඇති බව හෙළි වී තිබුණා.

එම යුවළේ පෙම්වතා යැයි කියනු ලබන පුද්ගලයා මෙම ජංගම දුරකථනය මුහුදට විසි කර ඇත්තේ එම දුරකථනයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය විය හැකි නිසා බව ද පොලිසියේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසුවා.

කෙසේ වෙතත් ඇගේ දුරකථනය පිළිබඳව වාර්තාවක් අදාළ දුරකථන සමාගම මගින් කැඳවා තිබෙනවා.

ඇයට අවසන් මොහොතේ දුරකථන පණිවුඩය දුන් පුද්ගලයාගේ දුරකථන අංකය සොයා ගැනීමට අසීරු නොවන බව ද පොලිසිය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: