hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මැයි 11, පෙ.ව. 11:47



කළුතර දී හොටලක ඉහළ මහළෙන් පැන මරණයට පත්වූ බව කියන සිසුවිය පිළිබද තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සිදුකර ඇති පාපොච්ඡාරණයේදී මෙම තොරතුරු අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.

අදාළ සිසුවියද ‌මත්පැන් පානය කළ බවත්, ඇය ගීත ගයමින් විනෝද වූ බවත් සැකකරු පවසා තිබෙනවා.

තම මිතුරු පෙම්වතුන් යුවල සමග විනෝද වීමෙන් අනතුරුව තමන් ඇය සමග වෙනම කාමරයකට ගිය බවද එහෙත් ඇය සමග ලිංගිකව එක්නොවු බවද සැකකරු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් කාමරයට පැමිණි පසුවද සිසුවිය සිංදු කියමින් නටමින් විනෝද වූ බව පවසා ඇති සැකකරු පෙන්වාදී ඇත්තේ ඒ අතරතුරු ඇයට දුරකතන ඇමැතුමක් ලැබුණු බවයි.

එම අවස්ථාවේ මහත් කළබලයට පත්ව සිසුවිය කෝපාවිෂ්ඨව අදාළ ඇමැතුම ලබාදුන් පුද්ගලයාට බැණ වැදුනු බවද එම අවස්ථාවේ අසිහියෙන් මෙන් කාමරය පුරා ඇය දිවගිය බවද පවසා තිබෙනවා.

එමෙන්ම ” කැත වැඩ කරන්න එපා යකෝ… තෝ මාව කෑවා” යනුවෙන් ඇමැතුම ලබාදුන් අයට සිසුවිය බැන වැදුනු බවයි සැකකරු සිය ‌පාපොච්ඡාරණයේදී පවසා තිබෙන්නේ.

ඒත් සමගම අසළ තිබූ පුටුවකට සිසුවිය ගොඩවූ බවත් එක්වරම ජනේල හැරදමා පහළට පැන්න බවත් සැකකරු පවසා තිබෙනවා.

ඒ අනුව පොලිසිය සැකකරන්නේ මෙම සිසුවිය සමග පැමිණි අනෙක් සිසුවිය හෝ ඇගේ පෙම්වතා විසින් මෙම ඇමැතුම ලබාදෙන්නට ඇති බවයි.

එම තොරතුරු වසන් කිරීමේ අරමුණ සහිතව මරණයට පත්වූ සිසුවියගේ ඡංගම දුරකතනය එම පෙම් යුවල විසින් ගගට විසිකරන්නට ඇති බවටද පොලිසිය සැක පළ කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: