hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 මැයි 09, ප.ව. 1:29



දකුණු කළුතර ලැඟුම්හලක තෙවන මහළින් වැටී අභිරහස් ලෙස මියගිය පාසල් සිසුවිය හා සම්බන්ධ සංසිද්ධියට අදාළ
 ප්‍රධාන සැකකරු අද (09) අලුයම් කාලයේ දී ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කර තිබුණා.

මේ වනවිට ඔහුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවෙමින් පවතිනවා.

සැකකරු කළුතර, පලාතොට ඉසුරු උයනේ ප්‍රදේශයේ පදිංචිව සිටි අතර විවාහකයෙක්.

සිද්ධිය වූ දිනයේ මුණගැසුණ 16 හැවිරිදි සිසුවිය සමග ඔහු පැවැත්වූ සම්බන්ධය කුමක්ද යන්න පොලිසිය ප්‍රශ්න කරමින් සිටින අතර ඔහු පවසා ඇත්තේ ඇය ඔහුට මුණගැසී ඇත්තේ අවස්ථා 2 කදී පමණක් බවයි.

ඇය මරණයට පත්වූ දිනයට පෙර එක් අවස්ථාවක පමණක් ඇය දැක ඇති බව ඔහු කියා තිබෙනවා.

කළුතර පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවිය තමා ඇසුරු කළේ විනෝදයට බවද ඔහු පවසා ඇති අතර ඇගේ ටික්ටොක් වීඩියෝවක් දැක ඒ ඔස්සේ චැට් කිරීමක් සිදු කර මුලින්ම සම්බන්ධ වූ බවත් පසුව ඇගේ මිතුරියන් හඳුනාගත් බවත් පවසා තිබෙනවා.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසුවිය තවම ඇයට අනන්‍යතාවයට අවශ්‍ය ජාතික හැඳුනුම්පතක් පවා සකස් කරගෙන නොමැති තැනැත්තියක වූ අතර සිසුවිය එලියට ගෙන ඒමට තමන්ට අවශ්‍ය වූ නමුත් එම අනන්‍යතා හැඳනුම්පතේ බාධා ගැන ඇය හා කථා කර තිබූ බව ඔහු කියා තිබෙනවා.

සිද්ධිය වූ දිනයේ අසල්වාසී සොයුරියකගේ හැඳුනුම්පතක් ලබාගෙන ගෙදරට බොරුවක්කර ඇය පැමිණ තිබුණ බව මින් පෙර වාර්තා වුණා.

මහල් පහකින් යුතු ලැගුම් හලේ තුන්වන මහලේ කාමරයක් වෙන්කරගෙන පැය කිහිපයක් විනෝද වන්නට ඔවුන් සැලසුම් කර තිබී ඇති අතර ඊට පෙර මත්පැන් බෝතල්ද ගෙන ඒ සඳහා සූදානම් වීමට සිසුවියගේ යෙහෙලියගේ පෙම්වතා ඉෂාන් සමග ධනුෂ්ක කථිකා කරගෙන තිබුණා.

සිවුදෙනාටම එක් කාමරයක් ලබාගෙන වරින්වර පරිහරණය කරන්නට සූදානම් වූවත් හෝටලයේ කළමනාකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ සිවුදෙනකු සිටින බැවින් කාමර දෙකක් ලබාගන්නා ලෙසයි.

ඒ අනුව හෝටලයේ තුන්වැනි මහලේ වූ කාමර අංක 06 හා 07 ඔවුන් ලබාගෙන තිබෙනවා.

හෝටලයෙන් ඌරු මස්, ඩෙවල් කළ කුකුළු මස් හා රයිස් ගෙන්වා ගෙන විස්කිද බොමින් විනෝදවූ බවත් පසුව සිසුවියගේ මිතුරිය වූ පබාරාත් ඇගේ පෙම්වතා වූ ඉෂානුත් රාත්‍රි 7.20ට පමණ නැවත පැමිණෙන බව දැනුම් දී හෝටලයෙන් පිටවී ගිය බවත් කරුණු වාර්තාවී තිබෙනවා.

මේ අවස්ථාව වනවිට සිව්දෙනාම මත්පැන් බී මත්වී සිටි බවද වාර්තා වෙනවා.

පසුව තමන්ට අයත් කාමරයට සිසුවිය සමග ගිය ධනුෂ්ක මිනිත්තු 15 කින් පමණ එළියට ආ අතර ‘විහාරා‘ නමැති සිසුවිය ගැන ඔහු ඉෂාන් වෙත ඇමතුමක් ලබාදෙමින් කියා සිටියේ, ‘‘මචං, විහාරා පිස්සු නටලා ඇඳුමුත් ගලවලා දාලා ජනේලෙන් පැන්නා. මැරිලා ඇති. උඹල දෙන්නත් වරෙල්ලා. මට නං හිතාගන්න බෑ වෙලාතියන දේ ..මම රට හරි පනිනවා.’’ ලෙසිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: