hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 මැයි 09, ප.ව. 1:57



කළුතර දකුණ ප්‍රදේශයේ ලැගුම්හලක් අසල දුම්රිය මාර්ගයේ පෙරේදා (07) අළුයම අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවිය, තවත් තිදෙනෙකු සමග තාවකාලික නවාතැන් පොළට ඇතුළුවන ආකාරය දිස්වෙන CCTV දර්ශන සම්බන්ද‍යෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තරුණිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ ප්‍රදේශයේ හෝටලයකට ඊයේ (06) දින පස්වරුවේ පැමිණ ඇති බවයි විමර්ශනවල දී අනාවර්ණය වී ඇත්තේ.

පිරිස එම ස්ථානයට පැමිණ තිබුණේ ඊයේ පස්වරු 6.30 ට පමණවන අතර ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් වෙන්කරවා ගෙන තිබෙනවා.

එලෙස කාමර දෙකක් වෙන්කරවා ගෙන ඒ වෙත ගමන් කලද සිව්දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව හෝටල් සේවකයෙකු දැක ඇති බව සඳහන්.

පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් හෝටලයෙන් පිටත්ව පිට වී ගිය විට ඉන් මිනිත්තු 20කට පසු අනෙක් තරුණයා ද කලබලයෙන් පිටතට යන අයුරු හෝටල් කාර්ය මණ්ඩලය දැක තිබෙනවා.

අනතුරුව අදාළ හෝටලයට ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු හෝටලයට යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට හෝටල් කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක්.

පොලිස් විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ අදාළ සිසුවියට හෝටලයට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් අයකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස තිබෙන බවයි.

එසේම පොලීසිය තවත් කරුණු කිහිපයක් මේ වන විට අනාවරණ කරගෙන තිබෙනවා.

එක්වරම කලබලයෙන් හෝටල් කාමරයෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවාගැනීමෙන් පසුවයි.

මිය ගොස් සිටින තරුණිය තුන්වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කළ ඔහු අනතුරුව මෝටර් රථයකින් පළාගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව සෙසු තරුණයා සහ තරුණිය දුම්රිය මාර්ගය මත වැටි සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර එම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රි 9.30ට පමණ පොලීසියට භාර වී තිබෙනවා.

පළාගොස් ඇති සැකකරු සොයා කළුතර දකුණ පොලීසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය කර තිබෙනවා.

අදාළ සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන ඇති අයෙකු වන අතර ඔහු දෙවැනි වරට විවාහ කරගත් කාන්තාවගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: