hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 මැයි 10, පෙ.ව. 11:01



කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු  පොලිසිය හමුවේ පාපොච්චරණය කර පවසා ඇත්තේ සිසුවිය අදාළ හෝටලයේ පස්වැනි මහලෙන් බිමට පැන්න බවයි.

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ (09) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ, සීනිගම දේවාලයත් හික්කඩුව පොලිසියත් අතර ප්‍රදේශයේදීයි.

ඒ, කළුතර පොලීසියට ලද තොරතුරකට අනුවයි.

ඔහු කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි අයෙක්.

සැකකරු අම්බන්ගොඩ ප්‍රදේශයේ සිටින බවටත් ඔහු අද අලුයම මෝටර් රථයක් කුලී පදනම මත ලබාගැනීමට එම ප්‍රදේශයට පැමිණෙන බවටත් පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව, පොලිස් නිලධාරියෙකු උපායදූතයෙකු ලෙස සැරසී මෝටර් රථය ලබාදීම සඳහා අම්බන්ගොඩ ප්‍රදේශයට ගිය ද සැකකරු අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානවලට පැමිණෙන ලෙස පොලිස් නිලධාරියාව විවිධ ස්ථානවලට ගෙන්වාගෙන තිබුණා.

අනතුරුව ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේදීම මෝටර් රථයට ගොඩවී ඇති අතර එහි රියදුරු ලෙස සැරසී සිටි පොලිස් නිලධාරියා විසින් සූක්ෂ්ම ලෙස සැකකරුව සීනිගම දේවාලයත්, හික්කඩුව පොලිසියත් අතර ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ කළුතර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී සැකකරු සතුව තිබී රුපියල් 95,000ක මුදලක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

අනතුරුව සැකකරු කළුතර දකුණ පොලිසිය වෙත රැගෙන විත් ප්‍රකාශ සටහන් කරගැනුණු අතර එහිදී සැකකරු පාපොච්චරණය කර ඇත්තේ, මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුවළ අතර සිටින පෙම්වතා මාර්ගයෙන් තමන් අදාළ පාසල් සිසුවිය හඳුනාගත් බවයි.

එමෙන්ම ඇයව මෙම සිදුවීමට පෙර කිසිඳු දිනකදී හමු වී නොමැති බවත් ඇය හා කිසිඳු සබඳතාවත් පවත්වා නොමැති බවත් සැකකරු පවසා තිබෙනවා.

තමන් ඇතුළු සිව්දෙනා ඉකුත් සෙනසුරාදා අදාළ ලැගුම්හලට ගොස් මත්පැන් පානයකළ බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් බව පොලීසිය පවසනවා.

අනෙක් යුවළ ලැගුම්හලෙන් පිටව ගිය පසු තමන් හා පාසල් සිසුවිය නිරුවත්ව කාමරය තුළ සිටිය ද ලිංගිකව එක් නොවූ බව සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

ඒ අතරතුර ඇයගේ ජංගම දුරකතනයට ලැබුණු ඇමතුමකට ඇය අසභ්‍ය වචනයෙන් කෝපාවිෂ්ඨව ප්‍රතිචාර දක්වා ඇති බව ද සැකකරු පොලීසියට කළ පාපොච්චරණයේ සඳහන්.

පසුව සිසුවිය කාමරයේ ජනේලයක් අසල වූ පුටුවකට නැග ජනේලයෙන් පිටතට පැන්න බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඒ අනුව බිය වූ තමන් එම ස්ථානයෙන් පළාගිය බව සැකකරු ඔහු පොලීසියට පවසා තිබෙනවා.

පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ එලෙස පළාගිය සැකකරු හොරණ ප්‍රදේශයේ සිටින ඔහුගේ දික්කසාද කළ කාන්තාවකගේ නිවසක රැඳී සිට අනතුරුව තවත් ලැගුම්හලකට ගොස් පැය කිහිපයක් එහි රැඳීසිට ඇති බවයි.

කෙසේවෙතත් සැකකරු පොලීසියට සිදුකළ පාපොච්චාරණයේ සඳහන් කරුණුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළා.

මේ අතර මියගිය පාසල් සිසුවියට ලද දුරකතන ඇමතුම සම්බන්ධයෙන් ඇයගේ දුරකතන දත්ත පරීක්ෂා කිරීමට නියමිතයි.

එමෙන්ම මියගිය සිසුවිය දූෂණයට ලක් ව නොමැති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් ව තිබෙන බව පොලිසිය සඳහන් කළා.

මේ අතර අදාළ පාසල් සිසුවියගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, එය ඇය ලැගුම්හලට ගිය අනෙක් යුවල අතර සිටි පෙම්වතා විසින් කළු ඟගට විසිකර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමට පෙර කිසිඳු දිනකදී හමු වී නොමැති බවත් ඇය හා කිසිඳු සබඳතාවත් පවත්වා නොමැති බවත් සැකකරු පවසා පොලීසියට ලබා දුන් කට උත්තරය අසත්‍ය බවට කරුනු අනාවරණය වෙමින් පවතිනවා.

ඒ ප්‍රදේශයේ හිමිනමක් සමාජ ජාල මාධ්‍ය තුල පල කල ජායාරූප නිසා.

සැකකරු පසුගිය මාර්තු මස 17 දින මෙම දැරිය හා තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයක සිටින ජායාරූප මෙලෙස ප්‍රසිද්ධ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: