hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 මැයි 10, පෙ.ව. 11:25



“මගේ දරුවා නීතිඥවරියක් වෙන්න ආසාවෙන් හිටියා. ඉගෙන ගන්නත් පුළුවන් දරුවෙක්. ඒ නමයක් ගන්න පුළුවන්කම තිබුණු දරුවෙක්. එයාගේ යාළුවෝ මගේ එකම දුව පාපතරයකුට බිලි දීලා. අනේ වෙන කිසිම දරුවකුට මේ වගේ ඉරණමක් අයිති වෙන්න එපා” විහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා දැරියගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඊයේ (09) සන්ධ්‍යාවේ ඇගේ මව වන ඩබ්ලිව්. ඒ. නිලූකා එසේ කියමින් වැලපෙන හඬ අවමඟුලට රැස්ව සිටි සියලු දෙනාගේ දෑස්වලට ගෙන ආවේ කඳුළක්.

කළුතර ඇටවිල පොදු සුසාන භූමියේදී ඊයේ සන්ධ්‍යාවේ නෑ හිතමිතුරන් විශාල පිරිසකගේ සෝ සුසුම් මැද ඇගේ අවසන් කටයුතු සිදු කෙරුණා.

ටිහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වා දැරියගේ නිවෙසට විශාල පිරිසක් රැස්ව සිටි අතර, මඟ දෙපස සුදු කොඩිවලින් අලංකාර කර තිබුණා.

“මේ මරණය අපිට අදහාගන්න බෑ. මුලින් කෝල් එක ගන්නකොට අම්මේ මම දන්සලේ කිව්වා. ඊට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා. ලෝයර් කෙනෙක් වෙන්න හීන දැක්ක මගේ දුවට මොකද මේ වුණේ. අනේ රත්තරන් දුවේ සංසාරේ නිවන් දකිනතුරු අප අතරම ඉපදෙන්න දුවේ. මේ වගේ අකල් මරණයකට නම් ගොදුරු වෙන්න එපා දුවේ” යනුවෙන් ඇය විලාප දුන්නා.

“මගේ දරුවට ප්‍රේම සම්බන්ධකමක් තිබුණේ නැහැ.  එයාට ඕන වුණේ ඉගෙන ගන්න. මේක සැලසුම් කරලා මේ මිනිහට මගේ දරුව බිලි දීපු සිද්ධියක්. මගේ දරුව  ආපහු මට ලැබෙන්නේ නෑ තමයි. ඒත් මේ රටේ ගෑනු දරුවන්ට මීට වඩා ආරක්ෂිත රටක් හැදෙන්න ඕන” යැයි ද ඇය කඳුළු සලමින් පැවැසුවා.

ආගමික වතාවත්වලින් අනතුරුව ඇදහැලුන වර්ෂාවද නොතකා පැමිණ සිටි පිරිස් ඇයගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහරට එක්ව නාගොඩ, ඇටවිල පොදු සුසාන භූමියට ගමන් කළා.

නාගොඩ ඇටවිල පොදු සුසාන භූමියේදී දහස් ගණනකගේ සෝසුසුම් මැද දේහය භූමදානය කළා.

කළුතර ලැගුම් හලක පස්මහල් ගොඩනැඟිල්ලකින් ඇදවැටී ඇය මියගියේ ඉකුත් හයවැනිදා සවස් කාලයේදීයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවක් ඇතුළු සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: