hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 මැයි 10, පෙ.ව. 11:16



කළුතර සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ ඡායාරූප ලෙස හඟවමින්, සැකකරුගේ සත්‍ය ඡායාරූපයට සමානකම් ඇති තවත් ඡායාරුපයක සංසන්දනයක් මඟින් පෙන්වා තිබුනේ, මෙම කළුතර දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, පසුගිය සමයේ පැවති අරගලයේ සිටි පුද්ගලයෙක් බවයි.

ඒ සඳහා පසුගිය වසරේ අරගලය සමයේ ලබාගත් සේයාරුවක් ද යොදාගෙන තිබුනේ මෙලෙසින්.

එමෙන් ම මෙම ඡායාරූපය WhatsApp ඔස්සේ ද, බහුල ව හුවමාරු වී තිබුණේ ඉහත පළමු ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා කළුතර දැරිය සම්බන්ධ සිදුවීමේ සැකකාර පුද්ගලයා බවට හඟවමින්.

මෙම ඡායාරූප සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ ඉහත ඡායාරූපයේ පළමු ඡායාරූපයේ සිටින්නේ අරගලයට සම්බන්ධ පුද්ගලයා සත්‍ය සැකකරු බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවටයි.

එසේම සිද්ධියට අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ලෙස හඟවමින් තවත් ඡායාරූපයක් පළ කර තිබුණේ මෙලෙසින්.

මෙම ඡායාරූප සටහන සඳහා දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාර වලින් ද, මෙහි සිටින්නේ සත්‍ය සැකකරු බවට ඇතැම් පිරිස් උපකල්පනය කර තිබුණා.

ශාලික රුක්ෂාන් සේනාධීරගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අරගලයට සහභාගී වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අසත්‍ය පැතිරවීම සඳහා මෙවැනි අසත්‍ය දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කරන බවයි.

දෙවන සටහනේ ඡායාරූපයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් ද අනාවරණය කර ගත් අතර ඔහු Chama නමැති යූටියුබ් නාලිකාව පවත්වාගෙන යන චාමර ඩිල්ශාන් නමැති පුද්ගලයායි.

චාමර ඩිල්ෂාන් හා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වූ අතර ඔහු සඳහන් කළේ ද, විනෝදාත්මක ස්වරූපයෙන් තමන් කළුතර සිදුවීමේ සැකකරු ලෙස හඟවමින් සටහනක් හුවමාරු වූවත් බොහෝ පිරිසක් එය සත්‍ය ලෙසින් පිළිගෙන ඇති බවයි.

චමා සම්බන්ධයෙන් පුවත නිවැරදි කර තිබූ සටහනක් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: