hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:09



ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා දෙවන පරපුර පක්ෂයෙන් මෙවර මහා මැතිවරණයට තරඟ කිරීමට නියමිතය. ඒ තිරිකුණාමල දිස්ත්‍රික්කයෙනි.

දෙවන පරපුර පක්ෂය යනු ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර නායකත්වය දරන දේශපාලන පක්ෂයයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී කමල් අද්දරආරච්චි ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් අතර එම වේදිකාවේ දී ඔහු ප්‍රකාශ කළේ යුගයේ අවශ්‍යතාව සලකා මාලිමාවෙන් මහා මැතිවරණයට තරඟ කිරීමට සූදානම් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: