hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:01



පසුගිය ඉන්ධන මිල සංශෝධනය සිදුකළේ මිල සූත්‍රය අනුව නොවේ යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් සිය මංගල කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ම බොරුවක් කී බව හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපතිවරයා අදාළ මිල සංශෝධනය මිල සූත්‍රය අනුව සිදුකළ බව ප්‍රකාශ කරමින් එය තහවුරු කළ බවයි, හිටපු ඇමැතිවරයා සඳහන් කළේ.

රටේ ආර්ථිකය ස්ථාවර වීමත් සමග මේ වන විට සැපයුම්කරුවන්ගෙන් තරඟකාරී මිලට ඉන්ධන ලබා ගැනීමේ හැකියාව ඇති බවත් එය 2022-23 වසරවල නොතිබූ බවත් හෙතෙම අවධාරණය කරයි.

නව සභාපතිවරයා ද පිළිගත් පරිදි ලබන වසරේ මාර්තු අප්‍රේල් වන තුරු ඉන්ධන ඇනවුම් කර ඇති බවත් එහි ප්‍රතිලාභ මත ඉදිරි මාස කිහිපය තුළ ද රු. 15-20කින් තෙල් මිල අඩු කිරීමේ හැකියාව ඇති බවත් කාංචන විජේසේකර සඳහන් කරයි.

විපක්ෂයේ සිටිය දී ඉන්ධන මත බදු සියල්ල ඉවත් කරන බවට වහසි බස් දෙඩුව ද මේ වන විට යථාර්ථය අවබෝධ කරගෙන රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ගිය මාර්ගයේ ම වර්තමාන ආණ්ඩුව ද ගමන් කිරීම පිළිබඳ සතුටු වන බවත් හිටපු ඇමැතිවරයා වැඩි දුරටත් කීය.

හිරු බලය වැඩසටහනට එකතු වෙමින් හිටපු බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මේ බව ප්‍රකාශ කළේය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: