2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:18
වත්මන් රජය 2027 වසරේදී ජනමත විචාරණයක් පවත්වා ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය තවත් වසර පහකින් දීර්ඝ කර ගැනීමට සූදානම් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා සඳහන් කළේ, 2028 වසරේ සිට මෙරට විදේශ ණය ගෙවීම ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින්, ඊට පෙර 2027 වසරේදී මෙවැනි ජනමත විචාරණයක් පවත්වා මැතිවරණ පැවැත්වීමකින් තොරව බලය තහවුරු කර ගැනීම රජයේ යටි අරමුණ වී ඇති බවයි.
රජයට අභියෝගයක් විය හැකි විපක්ෂයේ දේශපාලන නායකයන් විවිධ චෝදනා මත සිරගත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.
පෝස්ටර් ඇලවීම හෝ සුබපැතුම් පත් මුද්‍රණය කිරීම වැනි සුළු කරුණු මුල් කරගනිමින් විපක්ෂයේ පිරිස් දඩයම් කරන රජය, කන්ටේනර් 323ක සිද්ධිය සහ ගල්අඟුරු නැව් 90ක් සම්බන්ධ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ පවතින බලශක්ති තත්ත්වය පිළිබඳව ද අනතුරු ඇඟවීමක් කළ මන්ත්‍රීවරයා, නිසි පරිදි ගල්අඟුරු ආනයනය කිරීමට රජය අපොහොසත් වුවහොත් එළඹෙන සැප්තැම්බර් 12 වනදා වන විට රට බරපතළ විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:27
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:12
16-08-26
16-08-26
13-07-26
13-07-26
03-06-26
03-06-26
19-05-26
19-05-26
06-04-26
06-04-26
30-03-26
30-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
23-03-26
23-03-26
21-03-26
21-03-26
18-03-26
18-03-26
27-02-26
27-02-26