hit counter

2026 අගෝස්‍තු මස 17 වන සඳුදා

2026 අගෝස්‍තු 18, පෙ.ව. 12:27



 මැතිවරණ සමයේදී රුපියල් ලක්ෂ 12කට ‘විට්ස්’ වර්ගයේ මෝටර් රථ ලබාදෙන බවට පොරොන්දු වූ මාලිමා රජය, අද වන විට වාහන ආනයනය මත 50%ක අධිභාර බද්දක් පනවා පාරිභෝගික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

මේ වන විට ගොවි, ධීවර, කම්කරු සහ ව්‍යවසායකයන් ඇතුළු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි නියැලෙන පිරිස් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවත්, ඔවුන් මුහුණ දෙන පීඩාව පිළිබඳව රජයට කිසිදු තැකීමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

2024 ජනාධිපතිවරණ සමයේදී ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නිර්මාණය කරන බවට ජනතාවට පොරොන්දු ලබා දුන්නද, එම පොරොන්දු ඉටු කිරීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බව ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන්ම විදුලි බිල 33%කින් අඩු කිරීම, වරායට ගොඩබාන මිලට ඉන්ධන ලබාදීම සහ තරුණ පරපුරට සහන මිලට වාහන ලබාදීම වැනි ප්‍රධාන මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වී ඇති බවට ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් චෝදනා කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: