hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 15, පෙ.ව. 12:15



ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු මරණය සිදුවූ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ CCTV කැමරා පද්ධතිය ක්‍රියාත්මක මට්ටමේ පැවතියද, එහි දර්ශන පටිගත වී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (14) අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් සාක්ෂි විභාගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද පැවැත්වුණු අතර, එහිදී සාක්ෂිකරුවන් හය දෙනෙකු සාක්ෂි ලබා දෙන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ, මැයි 12 වැනිදා ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මියගිය කපිල චන්ද්‍රසේන මහතාට අයත් වෙනත් නිවසක් පරීක්ෂා කළ බවයි.

එහිදී හමුවූ ලැප්ටොප් පරිගණකයක් සහ ලේඛන කිහිපයක් නඩු භාණ්ඩ ලෙස අද දින අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මරණය සිදුවූ ස්ථානයේ CCTV දර්ශන පොලිස් භාරයට ගෙන තිබේදැයි මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් නිලධාරියා ප්‍රකාශ කළේ, අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ කැමරා පද්ධතිය ක්‍රියාත්මක වුවද දීර්ඝ කාලයක සිට එහි දර්ශන පටිගත වීමක් සිදු වී නොමැති බවයි.

කෙසේ වෙතත්, අදාළ නිවසට ඇතුළුවන සහ පිටවන මාර්ග ආවරණය වන පරිදි අසල පිහිටි සෙසු නිවෙස්වල සවිකර තිබූ සියලුම CCTV දර්ශන මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බව විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: