2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 10:02
ලෝක අවිවාහක රූ රැජින – 2023 (Miss Queen of the World) ලෙස කිරුළ පැලදි , ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි (krishangee Gauree) මෙනවිය, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ තරගාවලියේ අවසාන මහා තරගයට සහභාගී වීම සදහා ඊයේ (19) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින තෝරා ගැනීමේ අවසාන මහා තරගය අනිද්දා (22) කොළඹ නෙළුම් පොකුණ රගහල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.
එහිදී තෝරා ගන්නා ජයග්‍රාහිකාවන් සිව් දෙනෙකු 2024 අප්‍රියෙල් මාසයේ ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක අවිවාහක රූ රැජින තරගාවලිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
ක්‍රිශාන්ගී ගෞරි මෙනවිය මෙම ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු සහ එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක ලෙස ද කටයුතු කිරීමට ද නියමිතයි.
මෙම ක්‍රිශාන්ගී ගෞරි මෙනවිය ඊයේ (19) රාත්‍රී 10.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඇය පිළිගැනීම සදහා ශ්‍රී අවිවාහක රූ රැජින තරගාවලියේ සංවිධායකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.




2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:32
2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:09
2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:08
2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:08
03-12-25
03-12-25
03-12-25
03-12-25
03-12-25
03-12-25
02-12-25
02-12-25
02-12-25
02-12-25
02-12-25
02-12-25
01-12-25
01-12-25
01-12-25
01-12-25
01-12-25
01-12-25
30-11-25
30-11-25
30-11-25
30-11-25
30-11-25
30-11-25