2026 සැප්තැම්බර් 16, පෙ.ව. 12:12
ප්‍රාදේශීය සභාවක කටයුතු පවත්වාගෙන යාම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවේ නම්, තම බලප්‍රදේශය තුළ සුනඛයන් ඇතිකරන නිවෙස්වලින් බලු බද්දක් අය කර හෝ මුදල් උපයා ගැනීමට එම ආයතනවලට නීතිමය බලය පවතින බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ලාල් කාන්ත මහතා කියා සිටියේ, පළාත් පාලන ආයතනයකට පවරා ඇති රාජකාරි ඉටු කිරීමට මුදල් මදි යැයි හැඟෙන්නේ නම්, අදාළ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සුනඛයන් ඇති කරන සෑම නිවසකටම බලු බද්දක් පැනවීමට එම සභාවන්ට තීරණය කළ හැකි බවයි.
පළාත් පාලන ආයතන සතුව පවතින නෛතික බලය කෙතෙක්ද යන්න පෙන්වා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, “මම මේ කියන්නේ එම ආයතනවලට තියෙන බලය ගැනයි. ඒ අයට එවැනි තීන්දු අරගෙන බදු එකතු කරන්න පුළුවන්කම තියෙනවා,” යනුවෙනි.
2026 සැප්තැම්බර් 16, පෙ.ව. 12:35
2026 සැප්තැම්බර් 16, පෙ.ව. 12:27
2026 සැප්තැම්බර් 16, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 16, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 16, පෙ.ව. 12:15
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26