2024 ඔක්‍තෝබර් 29, ප.ව. 2:24
වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව එම සමාගම සඳහන් කරනවා.
බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවයි ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය පවසන්නේ.
එමෙන්ම මැදපෙරදිග රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීම මෙම තත්ත්වයට හේතුවූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී ඇති අතර ඉදිරි දින දෙක තුන තුළ ගෑස් තොග දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය පවසනවා.
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:31
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:07
2026 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:05
11-10-26
11-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26