hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 25, පෙ.ව. 8:59



රාජ්‍ය ආයතනවල සේවකයින්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතු අදාළ චක්‍රලේඛය පසුගිය 22 වන දා නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම් සඳහා මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන අදාළ වන බව එහි සඳහන්.

ඒ අනුව, රැකියා සඳහා විදෙස්ගත වන රාජ්‍ය සේවකයින් මාසිකව මෙරටට යම් විදේශ විනිමය ප්‍රමාණයක් එවීම අනිවාර්ය කර තිබෙනවා.

එය එක් එක් රාජ්‍ය නිලධාරියාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තීරණය කෙරෙනු ඇති.

එහිදී අදාළ සේවකයා තාවකාලිකව සේවයෙන් ඉවත් වීමේදී එම තනතුරේ වැඩ ආවරණය හෝ වැඩ බැලීම සඳහා අභ්‍යන්තරික පදනම මත සේවකයෙකු යෙදවීමේ ක්‍රමවේදයක් ඇත්නම් පමණක් අදාළ නිවාඩු ලබා දීම සලකා බැලෙනු ඇතැයි එම චක්‍රලේඛයේ සඳහන්.

කිසි විටෙකත් ඒ සඳහා නව බඳවා ගැනීමක් සිදුකිරීමට අවස්ථාවක් නොමැති බව එමගින් අවධාරණය කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: