hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 30, පෙ.ව. 12:04



මෙරට බලපත්‍රලාභී මත්පැන් අලෙවිසල් ප්‍රමාණය තවත් 470කින් වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව තීරණය කිරීමට අදාළ ගැසට් නිවේදනය පසුගිය වසර 15 ක කාලයක් තුළ සංශෝධනය වී නොමැති බවයි.

නව පලපත්‍ර 470 සමඟ මෙරට මත්පැන් අලෙවිසල් ප්‍රමාණය 1108 සිට 1578 දක්වා ඉහළ යාමට නියමිතව ඇත.

කිලිනොච්චිය වැනි ඇතැම් ප්‍රදේශවල බලපත්‍රලාභී මත්පැන් අලෙවිසැල් නොමැතිවීම හේතුවෙන් සමාජීය අවශ්‍යතා සලකා බලා මෙම පියවර ගන්නා බව වැඩිදුරටත් අදහස් දක්වමින් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: