hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:02



ඔක්තෝබර් මස 03වැනිදා මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය ගෙන තිබෙනවා.

ඒ, ලෝක අමද්‍යප දිනය යෙදී තිබීම හේතුවෙන්.

මේ අතර මද්‍යසාර හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 237ක් වැය කරන බව ADIC ආයතනය සඳහන් කළා.

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන් ප්‍රකාශ කළේ, මත්පැන් හේතුවෙන් වසරකට පුද්ගලයින් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් අකාලයේ මිය යන බවයි.

ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10න් අටකට හේතුව බෝවන රෝග වනවා.

එම රෝග ඇතිවීමට බලපාන සාධක 4න් එකක් මද්‍යසාර වන බව සඳහන්.

මත්පැන් භාවිතය හේතුවෙන් මෙරට තුළ දෛනිකව අකල් මරණ 50ක් වාර්තා වන බව ADIC ආයතනය අවධාරණය කළා.

වසරකට වාර්තා වන අකල් මරණ සංඛ්‍යාව 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් වනවා.

Monara
Monara




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: