hit counter

2026 සැප්‍තැම්‍බර් මස 04 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 21, ප.ව. 2:05



ජනප‍්‍රිය රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඒ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාලවයි.

ඔහුගේ පහරදීමෙන් බරපතළ තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මහේෂි මධුසංඛා පවුල් ආරවුලක් ගැන බොරලැස්ගමුව පොලීසියට දුරකථන මාර්ගයෙන් කරන ලද පැමිණිල්ලක් මත එහි ගිය පොලිස් නිලධාරීන්ට එම නිවසේදී ඇගේ සැමියා විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත.

ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර ගැටුම බේරන්නට මැදිහත් වූ තවත් නිලධාරියෙක්ද තුවාල ලබා තිබේ.

පසුව තවත් පොලිස් කණ්ඩායමක් ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් ඔහු අධික ලෙස බීමත්ව සිට ඇත.

ගැටුම මත ඔහුටද තුවාල සිදුවී තිබීම හේතුවෙන් ඔහුද කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: