hit counter

2025 පෙබරවාරි මස 17 වන සඳුදා

2025 ජනවාරි 21, ප.ව. 7:50



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ජනාධිපති වැන්දඹුවන්ගේ නිල නිවාස සදහා රජය දරන වැය බර පිළිබඳව අදාළ පනත උපුටා දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දින දෙකකට පෙර මතු කළ තත්ත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැහැදිලි වනු ඇති බවත් නිල නිවසින් ඉවත් වනවා නම් ලියුම් ලියමින් නොසිට ඉන් ඉවත්වීම වඩාත් උචිත බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා අද (21) ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ කරදඬු උස්මහත් වුනු පුතුන් තුන්දෙනෙකු සිටින බැවින් ඔවුන්ට මව සහ පියා රැගෙන ගොස් රැකබලා ගැනීමට නොහැකියාවක් ඇතැයි රජය නොසිතන බවය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ හිටපු ශනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ප්‍රකාශය අනුව “මම මහින්ද රාජපක්ෂ ලියුමක් දුන්නොත් පහුවදාම නිල නිවසින් ඉවත් වෙනවා.” ලෙස කළ ප්‍රකාශය අනුව රජයේ හිටපු ජනාධිපතිවරයාට නිල නිවසින් ඉවත් වන ලෙසට ලියුමක් නිකුත් කරනවාදැයි මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: