2025 ජනවාරි 22, පෙ.ව. 9:47
මහින්ද රාජපක්ෂ කියන්නේ රජයෙන් අහිමි කරන දේවල් ඉල්ලා කෙඳිරි ගාන කෙනෙකු නොවේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුවත්පතකට පැවසීය.
කොළඹ, විජේරාම මාවතෙන් ලබා දී තිබෙන නිල නිවසින් තමන් ඕනෑම අවස්ථාවක ඉවත්ව යෑමට සූදානම් බව ත් මොහොතක්වත් බලෙන් රැඳී සිටීමට සූදානම් නැති බව ත් මහින්ද රාජපක්ෂ කීය.
නිල නිවසින් ඉවත් වන්නැයි මෙතෙක් තමන්ට ලිඛිතව දන්වා නොමැති බව ත් එලෙස දැන්වූ පසු තමා ඉන් ඉවත්ව යන බව ත් ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයෙකු වශයෙන් තමාට රජයෙන් ලැබී තිබෙන සියලු දේ ආපසු ලබාගත්තත් මහින්ද රාජපක්ෂ නම් කෙඳිරි ගාන කෙනකු නොවේ යැයි ඔහු පැවසීය.
නිල නිවෙසේ දිගට ම රැඳී සිටින්නේ නම් ඒ සඳහා රුපියල් 46 ලක්ෂයක මාසික කුලියක් ගෙවිය යුතු බව ත් එසේ නැති නම් ඔහු එම නිවසින් ඉවත් විය යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක කර තිබෙන ප්‍රසිද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව පැවසීය.
හිටපු රාජ්‍ය නායකයෙකුට වාසය සඳහා උචිත නිවසක් කුලියකින් තොරව සැපයිය යුතු බවට ව්‍යවස්ථාවෙන් ඉතා පැහැදිලි ලෙස සඳහන් කර ඇතැයි පැවැසූ හිටපු ජනාධිපතිවරයා ඒ අනුව තමා මෙම නිල නිවසේ වාසය කරන බව සඳහන් කළේය.
ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ඕනෑම තීන්දුවක් ගත හැකි වුවත් මෙමගින් තම දේශපාලන ගමන නැවැත්විය නොහැකි බව ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් පසුව හිටපු ජනාධිපතිවරයා හමුවීමට විජේරාම මාවතේ නිල නිවසට හිටපු ඇමැතිවරයෙකු වූ ප්‍රසන්න රණතුංග ඇතුළු මැති ඇමැතිවරුන් හා පාක්ෂිකයන් පැමිණෙන අයුරු දැක ගත හැකි විය.
තිස් වසරක් පුරා පැවැති එල්.ටී.ටී.ඊ. කුරිරු යුද්ධය අවසන් කර රටට නිදහස උදා කර දුන් රාජ්‍ය නායකයකු නිල නිවසින් මෙලෙස ඉවත් කිරීමට කටයුතු කිරීම හෙළා දකිමින් පැමිණ සිටි පිරිස් අදහස් දැක්වූහ.
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:32
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:24
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:22
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:14
2025 පෙබරවාරි 14, පෙ.ව. 12:09
14-02-25
14-02-25
14-02-25
14-02-25
13-02-25
13-02-25
12-02-25
12-02-25
12-02-25
12-02-25
11-02-25
11-02-25
09-02-25
09-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
08-02-25
07-02-25
07-02-25
07-02-25
07-02-25