2026 මැයි 10, ප.ව. 5:57
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය මේ වන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මල්ශාලාව වෙත පැමිණි අතර, එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.
කපිල චන්ද්‍රසේන තමාගේ හිතවතෙකු මෙන්ම රට වෙනුවෙන් යමක් කරපු දක්ෂ නිලධාරියකු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණෙන ලෙස කර ඇති දැනුම්දීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය. අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා ඔහු ලබන 12 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:54
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:05
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:52
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:37
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:04
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26