hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් 26, පෙ.ව. 12:02



හිටපු පාලකයන් වැරදි යැයි කියා ජනතාව මෙවර පාලකයන් පත්කර ගෙන ඇත්තේ කිසිදු වැඩක් කළ නොහැකි සීමාවක් නැතිව හොරකම් කරන පට්ටපල් හොර කල්ලියක් යැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න පවසයි.

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන දෙකහමාරක් හොරකම් කිරීමට අදාළ එහි ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ප්‍රධාන චූදිතයා ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. එහෙත් ආණ්ඩුව සුළු නිලධාරීන් පිරිසකට එම වරද පටවා අත පිසදාගෙන ඇතැයිද මෛත්‍රී ගුණරත්න චෝදනා කරයි.

නීතිය සර්ව සාධාරණව ක්‍රියාත්මක කරන්නේ යැයි බලයට පැමිණි ආණ්ඩුවට එය කළ නොහැකි බවත් එසේ වුවහොත් ආණ්ඩුවේ විශාල පිරිසකට සිරබත් කෑමට සිදුවන බවත් ඔහු අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: