hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 05, පෙ.ව. 12:13



අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමග ඖෂධ මිල ගණන් ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

ගැසට් පත්‍රයක් මඟින් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ කාණ්ඩ 60ට අදාළ මිල ගණන් ඉහළ දැමීම සිදුකිරීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.

ඒ අනුව ආනයනික ඖෂධ සහ දේශීයව නිෂ්පාදනය කෙරෙන ඖෂධවල මිල ගණන් ඉහළ දැමීමට අවශ්‍ය මුලික කටයුතු සැලසුම් කර ඇති බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.

කෙසේ වෙතත් සියලුම ඖෂධ වල මිල ගණන් වැඩි කරන්නේ නැති බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ,

“ඩොලරයට සාපේක්ෂව රුපියල අවපාත වීම නිසා සියලුම දේවල්වල අපි දන්නවා මිල වැඩිවීමක් සිදුවෙනවා. ඒ අනුව ඖෂධ මිලත් වැඩිවීමක් මේ තුළ සිදුවීමට පුළුවන්.

මේ පිළිබඳව අධ්‍යයනය කරමින් අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. අපේ තියෙන්නේ වැඩිපුර ආනයනය කරන ඖෂධ. සියලුම ඖෂධවල මිල වැඩිවෙන්නේ නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: