2024 ඔක්‍තෝබර් 01, පෙ.ව. 11:54
ප්‍රභූ ආරක්‍ෂක රාජකාරින් සඳහා යොමු කර ඇති ත්‍රිවිධ හමුදා සාමජිකයින් වෙත ලබාදෙනු ලබන පෙළබවීමේ දීමනාව ලබාදීම සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට වන ප්‍රචාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ආරක්‍ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත ලිපියක් මාර්ගයෙන් දන්වා ඇත්තේ හිටපු ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබුණු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2024 සැප්තැම්බර් මස 22 වන දිනයෙන් පසු ප්‍රභූ ආරක්‍ෂක රාජකාරියන්හි නොයෙදෙන බැවින්, ඔවුන්ට ගෙවන ලද පෙළඹවීමේ දීමනාව 2024 සැප්තැම්බර් මස 22 දින දක්වා පමණක් හිමි ගන්වන ලෙස බව එම නිවේදනයෙහි සඳහන්.
තවද, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂක රාජකාරියන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම නතරකොට නොමැති බව ද ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.
2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:06
2025 නොවැම්‍බර් 26, පෙ.ව. 12:04
25-11-25
25-11-25
24-11-25
24-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
17-11-25
17-11-25
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
11-11-25
11-11-25
10-11-25
10-11-25